Category: Uncategorized

  • ආදර කතාවක් නොවේ

    සිනහවකින් කෙනෙකු හදුනාගත හැකි නම් එක්කෝ ඔබ හොද සවන් දෙන්නෙකු විය යුතුය.එක්කෝ ඒ සිනහව එතරම් කන්කළු විය යුතුය. මෙතැන නිවැරදි වන්නේ දෙවෙනි කාරණයයි. දෙවරක් හැරී බලන පිරිමි සිසුන් දුටුවිට ඒ සිටින්නේ අපේ කතාවේ කතා නායිකාව සිටිනවා බව මට සක්සුද්දක් සේ පැහැදිලිය. ඇය කව්දැයි කීමට මට නොහැක.  සාම්ප්‍රදායික ආදර කතාවක් මෙන් කතා නායිකාව හදුන්වා දීමටද මට උවමනාවක් නැත. මන්ද…

  • ෆැෂන්

    ඇය ලස්සන නැත. ලස්සන නැත්තේද නැත.ඇඟටම ඇලුණු  ස්කර්ට් එකකින්  සහ එයටම ගැලපෙන බ්ලව්සයකින් සැරසී සිටින මේ යුවතිය බස් නැවතුමේ සිටි සියල්ලගේම අවදානයට ලක් විය. සමහරවිට ඒ ඇය කොණ්ඩය ගොතා තිබෙන ආකාරය විය හැක. සමහරවිට ඒ ඇයගේ ගමනේ තාලය විය හැක. එසේත් නොමැතිනම්  ඒ ඇයගේ දණහිසිනුත් අඟල් 6 ක් උඩට ඇඳ ඇති සාය නිසා විය හැකිය. අවදානයට…

  • (අ)සම්මතය

    “ඌයි සඳුනි ඒක නම් රිදුනා” වැලමිට අතගාමින් මන් ඇය දෙස බැලුවේය. ඈ සිනාසෙයි. රෝස පාට කම්මුල් රතු පාට වෙනතෙක්  සිනාසෙයි. ඒ දෙතොල් සැමවිටම සිනාසීමට බලා සිටියා වැනිය.දීප්තිමත්ය. ඇය මාගේ අතකින් අල්ලාගෙන මට ලං වුනේය. ඔබ නිවැරදිය පාඨකය. ඇය මාගේ පෙම්වතියයි. “හිනා වෙනකොට ඔයා හරිම ලස්සනයි” මට එහෙම කියන්න හිතුනත්, මට කතා කිරීමට අවස්ථාවක් නොමැත. “හීනයක්ද…

  • පිළිතුරු ළිපිය

    කලින් ලියපු පෙම් හසුනට පිළිතුරකුත් හම්බවුනා එහෙනම්, දුටුවිට ඔබේ වත සිහිවෙයි මට පීසා කුලුන එය සැමවිටම ඇදේය මුණගැසුණු විට ඔබේ මුහුණ සිහිවෙයි කොස් ගෙඩිය මට කටුවලින් පිරී ඇත ඇස ගැටුණු විට ඔබේ නෙත මතක් කලෙමි මම ජම්බෝල ගෙඩිය එයට වඩා මදක් කුඩාය ඇසුණු විට ඔබේ කටහඩ මතක්වුනේ මට ටකරන් හඬ ගල් ගසනවා වැනිය දුටුවිට ඔබේ…

  • බ්‍රිතාන්‍ය මග ඉංග්‍රීසි තක්සලාව-1

    අද තමයි දවස.මම මටම කියගත්තෙමි.හැමදාම දුරින් ඉදලා හරියන්නේ නැහැ.අදවත් මොනවහරි කතා කරන්න ඕනි. අප ප්‍රදේශයට අලුතින් පැමිණි මේ යුවතිය සැබවින්ම සුන්දරය.දැකුම්කළුය.ඇගේ ගමනටම වැනෙන පොත් බෑගය ඇගේ සුන්දර බව දෙගුණ තෙගුණ කරයි.කොණ්ඩය සකස් කර ඇත්තේද  අමුතු ආකාරයකටය. සුපුරුදු පරිදි බස් නැවතුමට ආ ඇය බිම බලා සිටී.ඇය වෙත සේන්දු වූ මම සම්ප්‍රදායික ප්‍රශ්නයකින් මුල පිරුවේය. “මං ඔයාව…

  • කෙසේ ලංවෙමිද නුඹට?කුමරියේ මදක් ඉවසන්න…….

    තනිවුනු හීනයක සොඳුරු මතක සටහනක් ඔබට අද තිලින කරන්නෙමි.මේ මීට අවරුදු තුනකට පෙර පුංචි සිතක ඇතිවුණු දයාබර හැගීමක්……….. “ඇය ලස්සන යැයි මට සිතේ.නැත නැත ඇය සැබවින්ම ලස්සනය.කොටට කැපු කොණ්ඩය ඇයට කදිමට ගලපෙන්නේය.තැම්පත්ය.අහිංසකය.අවංක හිනාවකින් ඇගේ මුහුණ පිරී තිබේ.ඇය මගේ කරගන්නට ඇත්නම්? සොඳුර,ඔබ මගේ වීමට කැමතිද?මා ඇයට වඩා පියවර දෙක තුනක් පිටුපස්සෙනි.කතා කරනු පිණිස වේගයෙන් දිවගොස් අත…

  • මම වෙන්නම් …….

    ඔබ වෙනවානම් ගංගාවක් මම වෙන්නම් මහා සයුර ඔබේ බර දරාගන්න ඔබ වෙනවානම් සඳක් මම වෙන්නම් ගිනියම් ඉර ඔබට ආලෝකය සපයන ඔබ වෙනවානම් මිහිකත මම වෙන්නම් දෙවියෙක් පොළොවට අධිපති වී ඔබ රැක ගන්න ඔබ වෙනවානම් දිය ඇල්ලක් මම වෙන්නම් දිය උල්පත ඔබව පෝෂණය කරන ඔබ වෙනවානම් පිනි බිඳුවක් මම වෙන්නම් සිසිලස ඔබට උණුසුම නොදැනෙන්නට ඔබ වෙනවානම්…

  • මම ඔබ වෙත එමි

    උදේ පාන්දරම අවදි වුනෙමි.ම පාන්දර කියන්නේ උදේ 5 ටය.මට ඇය බැලීමට සිත් විය.ඇගේ  සුන්දර බව ,සෙනෙහස,ආදරය,විනෝදකාමී බව මට මැවී පෙනෙන්නට විය.ඉතින් නොගිහින් සිටින්නේ කෙසේද? දඩිබිඩි ග මුණ සෝදා ගත්තෙමි.පාඨකය, මම ඔබට යමක් සිහිපත් කරමි.ඇය අන් අයට වඩා තරමක් වෙනස්ය.ඇය විසින් ලබාදුන් ඇදුම් ඇද ඇයව හමුවන්නට යයි පවසයි.මම ඇයට ආදරය කරමි.ඇඳුමක් නිසා මගේ ආදරය වෙනස් කරගත…