අද තමයි දවස.මම මටම කියගත්තෙමි.හැමදාම දුරින් ඉදලා හරියන්නේ නැහැ.අදවත් මොනවහරි කතා කරන්න ඕනි.
අප ප්‍රදේශයට අලුතින් පැමිණි මේ යුවතිය සැබවින්ම සුන්දරය.දැකුම්කළුය.ඇගේ ගමනටම වැනෙන පොත් බෑගය ඇගේ සුන්දර බව දෙගුණ තෙගුණ කරයි.කොණ්ඩය සකස් කර ඇත්තේද අමුතු ආකාරයකටය.
සුපුරුදු පරිදි බස් නැවතුමට ආ ඇය බිම බලා සිටී.ඇය වෙත සේන්දු වූ මම සම්ප්‍රදායික ප්‍රශ්නයකින් මුල පිරුවේය.
“මං ඔයාව කොහෙදිහරි දැකල තියෙනවා?”
“I wonder why all the boys ask the same question?”
ඇය පිළිතුරු දුනි.
මම නැවතත් ඇය දෙස ඔනිකමින් බැලුවෙමි.විය නොහැක.මේ සිටින්නේ ශ්‍රී ලාංකික තැනැත්තියක් බව මට නිසැකය.පුරුෂ ධෛර්යය අතට ගත මම නැවත ඒ ප්‍රශ්නය ඇසුවෙමි.
“නෑ නංගි මම මේ කියන්න ගියේ…”
“Don’t try to lie more.There are plenty more fish in the sea.”
මම පුදුම වුනෙමි.වාක්‍ය දෙකෙන් උදේට කෑවේ මොනවද කියලත් අහන්න පටන් අරගෙන.මම ක්ෂණිකව පිළිතුරු දුන්නෙමි.
“අපේ ගෙදර නම් අද මාළු ඉව්වේ නෑ නංගි.ඔයා ඔයා කැමති නම් මම ඔයාටත් එක්ක මාළු හදන් එනවනේ”
සිහින් සිනහවක හඬක් මට ඇසේ.ගැහැණු ළමයෙක් කුලුපඟු වීමට ගතවන්නේ මෙතරම් අඩු කාලයක්දයි මට විශ්වාස කිරීමට නොහැක.නැවතත් ඇය කතා කරයි.
“You know what,you are a damn fool”
මම ඇයට තවත් ලංවුනෙමි.මේ සිටින්නේ මා මෙතෙක් කල් බලා සිටි මාගේ ප්‍රියම්බිකාව නොවේද?මම ඇයට නැවත පිළිතුරු දුන්නෙමි.
“අපි දවසක් නුවර යද්දී නම් වික්ටෝරියා ඩෑම් එක දැක්කා.ඔය ෆූල් ඩෑම් එක කොයි පළාතේද තියෙන්නේ?”
“Are you kidding me?”
ඇය එය ඇසුවේ තරමක් කේන්තියෙනි.ළමයි ඉන්නවද කියල අහනවා වුනත් ඔච්චර තදින් අහන්න ඕනිද?මටත් දෙවෙනි වීමට නොහැක.කඩුවෙන් වැනීමට තීරණය කලෙමි.අපිත් මෙහෙම හිටියට කඩ්ඩ කොල්ලෝ.
“No kid.
මම පිළිතුරු දුන්නෙමි.ඇයට එය ඉතා සතුටට කරුණක් බව පෙනුණි.ඇය නොනවත්වා සිනාසෙන්නට විය.පොත් බෑගය තුලට එබුනු ඇය ඒ තුලින් කොලයක් ගෙන යමක් ලියන්නට විය.ගැහැණු ළමයෙකුගේ දුරකතන අංකයට අවශ්‍ය එක් ඉංග්‍රීසි වාක්‍යක් විතරමද?
මාගේ අතට කොලය ලබාදුන් ඇය ඉන්පසුව ආ බසයේ නැගී ගියේය.බසය දෙස මද වෙලාවක් බලා සිටි මම කොලය දෙස බැලීමි.මාගේ ගත ජිම් පප්පා විසින් තලන ලද රෝමන් වැසියෙකුගේ මෙන් රිදුම් කන්නට විය.
“ඉංග්‍රීසි ඉගෙන ගෙන එන්න” ඇය එහි සඳහන් කර තිබුණි.
මා කොලයේ අනෙක් පස බැලුවෙමි.
“British Way English Academy-ජීවිතයම හදන තැන”
ඉංග්‍රීසි කතා නොකරන කිසිවෙකුට කඳවුරින් පිටවී යාමට නොහැක.
එයටත් පහලින් ස්ථාවර දුරකතනයක අංකයක් මුද්‍රණය කර තිබුණි.මම සාක්කුවෙන් ජංගම දුරකථනය එලියට ගත්තෙමි.
“හෙලෝ මේ අර ජීවිතයම හදන තැනද?…………
මතු සම්බන්දයි
Leave a Reply