සිනහවකින් කෙනෙකු හදුනාගත හැකි නම් එක්කෝ ඔබ හොද සවන් දෙන්නෙකු විය යුතුය.එක්කෝ ඒ සිනහව එතරම් කන්කළු විය යුතුය. මෙතැන නිවැරදි වන්නේ දෙවෙනි කාරණයයි. දෙවරක් හැරී බලන පිරිමි සිසුන් දුටුවිට ඒ සිටින්නේ අපේ කතාවේ කතා නායිකාව සිටිනවා බව මට සක්සුද්දක් සේ පැහැදිලිය.
ඇය කව්දැයි කීමට මට නොහැක. සාම්ප්‍රදායික ආදර කතාවක් මෙන් කතා නායිකාව හදුන්වා දීමටද මට උවමනාවක් නැත. මන්ද මෙය ආදර කතාවක් නොවන බැවිනි. මෙය ගෙතු කතාවක්ද නොවේ. වර්තමානයේ වෙමින් පවතින කතාවකි. මා ඇය දෙසට පියමැන්නෙමි.
ඇය ඇස්වලින් මට කතාකරනවා පෙනේ. ඒ ඇස් සිනාසෙයි. ආදර කතාවල සැමවිටම ඇස් වලින් කතා කරන්න, ඇස් වලින් සිනාවෙන්න යැයි සදහන්වන්නේ මෙයදැයි මට සිතේ. පාඨකය, වැරදියට වටහා නොගන්න.මෙය ආදර කතාවක් නොවේ. අප මේ සිටින්නේ කොරෝනා නිසා මුහුණු ආවරණය කරගත් කාලයකය. පිටතට පෙනෙන්නේ ඇස් පමණි.
“අද මොකද මෙහෙ? ලෙක්චර්ස් නෑනේ ? ඇය විමසයි.
“ඔයාව බලන්න ආවේ” එසේ කියන්නට හිත දුන්නත්, කිව නොහැක.
” නෑ මේ practical පොත දෙන්න ආවා”
“ආ යන්, මාත් ඒ පැත්තට යන්නේ”
Assignments බාරදෙන්නට එකට යා හැකි නම් ජිවිත් ගමනත් එකට යා නොහැකිද? හදවතින් පණිවිඩයකි.
තරුණියකගේ කොන්ඩයකට කටු සියයක් පමණ උවමනා ඇයිදැයි මම නොදනිමි. ඒ ගැන අදහසක් ප්‍රකාශ කිරීමට තරම් දැනුමක් නැත. ඒ ගැන කන් කෙදිරි ගෑමට ඔවුන් තරම් දක්ෂයින් නොමැති බව පමණක් දනී.
“කොන්ඩ කට්ටක් නැතිවෙලා අනේ, උදේ එද්දී තිබ්බා දැන් නෑ”
“අපි ගෙයක් ගන්න දවසක කොන්ඩ කටු විකුණන කඩයක් ලගින් බලල ගමු. එහෙම නැත්තන් කොන්ඩ කටු හදන කම්නිපැනියක් දාමු. මාරි කියුරියි, පියරේ කියුරියි රේඩියම් හොයාගත්තනම්, අපි දෙන්නට කොන්ඩ කටු ගැලවෙන්නේ නැති ක්‍රමයක් හොයාගන්න බැරි වෙන එකකුත් නෑ “. පාඨකය,ඔබ මා හොදින් දනී. මේ මාගේ විකල්ප පිළිතුරයි.
“ආ, ඇත්තද?” මේ මාගේ සත්‍ය පිළිතුරයි.
වර්තමානයේ වෙමින් පවතින කතාවක උවද මට ඔබට සියලු විස්තර කිව නොහැක. ඇගේ අනන්‍යතාවය හදුනාගත හැකි කොටස් මා ඉවත් කර ඇත.ගොතන නොලද කතාවක් ඉදිරිපත් කිරීමේ අභියෝගය එයයි. අප දැන් සිටින්නේ දහවල් අහාරය ගැනීමට මොහොතකට පෙරය.
ඇය බත්පතෙන් මටත් බෙදන් කන ලෙස ආරධනා කරයි. බත්පත බෙදාගත හැකි අපට ජීවිතය බෙදාගත නොහැකිද? හදවත නැවතත් කන්නලව් කරයි.
මා යථාර්තයට පැමිණිය යුතුය.මෙය ආදර කතාවක් නොවන බව ඔබට මෙන්ම හදවතටද ඒත්තු ගැන්විය යුතුය. ඈ පෙර දවසක පැවසු වාක්‍ය නැවත සිහිපත්කරගත්තෙමි.
“අපි යාළුවො වගේ ඉමු”
Leave a Reply