පිළිතුරු ළිපිය

කලින් ලියපු පෙම් හසුනට පිළිතුරකුත් හම්බවුනා එහෙනම්,

දුටුවිට ඔබේ වත
සිහිවෙයි මට පීසා කුලුන
එය සැමවිටම ඇදේය

මුණගැසුණු විට ඔබේ මුහුණ
සිහිවෙයි කොස් ගෙඩිය මට
කටුවලින් පිරී ඇත

ඇස ගැටුණු විට ඔබේ නෙත
මතක් කලෙමි මම ජම්බෝල ගෙඩිය
එයට වඩා මදක් කුඩාය

ඇසුණු විට ඔබේ කටහඩ
මතක්වුනේ මට ටකරන් හඬ
ගල් ගසනවා වැනිය

දුටුවිට ඔබේ නාසය
සිහිවන්නේ මට පිනොකියෝවමය
එතරම් දිගය

නොහැකිය මට ඔබේ වන්නට
බලමු වෙනදාක
මා එළදෙනක් වී සිටින දිනයක


Posted

in

by

Tags:

Comments

3 responses to “පිළිතුරු ළිපිය”

  1. Manula Prabasha Pethiyagoda Avatar

    හ්ම්ම්ම්ම් 😞

  2. hqrsspdmxh Avatar

    hgojinwpoopmtelnxmyohjkswiotvr

Leave a Reply

Your email address will not be published. Required fields are marked *