“ඌයි සඳුනි ඒක නම් රිදුනා” වැලමිට අතගාමින් මන් ඇය දෙස බැලුවේය.
ඈ සිනාසෙයි. රෝස පාට කම්මුල් රතු පාට වෙනතෙක් සිනාසෙයි. ඒ දෙතොල් සැමවිටම සිනාසීමට බලා සිටියා වැනිය.දීප්තිමත්ය. ඇය මාගේ අතකින් අල්ලාගෙන මට ලං වුනේය.
ඔබ නිවැරදිය පාඨකය. ඇය මාගේ පෙම්වතියයි.
“හිනා වෙනකොට ඔයා හරිම ලස්සනයි” මට එහෙම කියන්න හිතුනත්, මට කතා කිරීමට අවස්ථාවක් නොමැත.
“හීනයක්ද දකින්නේ කියලා බැලුවේ මැට්ටෝ” ඇයගෙන් වේගවත් පිලිතුරක්ය.
” එහෙනම් ඉතින් මට ගහලා හරියනවද ? ඔයාම කොනිත්තගෙන බලන්න එපැයි ” මම පිළිතුරු සැපයුවෙමි.
ඇය නැවතත් සිනාසෙයි. ලොකු කරගත් ඇස් දෙකෙන් මොකක් හෝ පණ්ඩිත කතාවක් කියන්නට සුදානම් බව මා දනී. මන්ද පාඨකය, ඇය මාගේ පෙම්වතියයි.
“හීනයක්ද දකින්නේ නැද්ද කියලා බලන්න ලේසි ක්‍රමයක් තියෙනවා දන්නවද? මට තුරුලු වෙමින් ඇය විමසයි.
නොදන්නා බව දක්වමින් මා හිස සෙලෙව්වේය.
නැවතත් ඇයගේ කටහඬය.
“හීනයක කවදාවත් මුල මතක හිටින්නේ නෑ “
“මම මෙනෙහි කලෙමි. මෙය හීනයක් නෙමේ. මට සියල්ල මතකය. බසයට ගොඩවූ මොහෙතේ සිට කැළණි කන්ද නැග එනතෙක් සියල්ල මතකය. කොටින්ම කිවහොත් බසයේ වාදනය වූ ගීතය පවා මට මතකය.
Leave a Reply