මම වෙන්නම් …….

ඔබ වෙනවානම් ගංගාවක්
මම වෙන්නම් මහා සයුර
ඔබේ බර දරාගන්න

ඔබ වෙනවානම් සඳක්
මම වෙන්නම් ගිනියම් ඉර
ඔබට ආලෝකය සපයන

ඔබ වෙනවානම් මිහිකත
මම වෙන්නම් දෙවියෙක්
පොළොවට අධිපති වී ඔබ රැක ගන්න

ඔබ වෙනවානම් දිය ඇල්ලක්
මම වෙන්නම් දිය උල්පත
ඔබව පෝෂණය කරන

ඔබ වෙනවානම් පිනි බිඳුවක්
මම වෙන්නම් සිසිලස
ඔබට උණුසුම නොදැනෙන්නට

ඔබ වෙනවානම් තරුවක්
මම වෙන්නම් අන්ධකාරය
ඔබ දීප්තියෙන් බබළවන්න

ඉතින් සොඳුර
මම වෙනවානම් ඔබේ ආදරය
ඔබ වෙනවාද මගේ ආදරිය ?


Posted

in

by

Tags:

Comments

14 responses to “මම වෙන්නම් …….”

  1. Unknown Avatar

    ආදරය ❤️❤️

  2. Unknown Avatar

    වචනයෙන් කිව නොහැකි දේ😍👆

  3. Anonymous Avatar
    Anonymous

    Patta creative supiri kiyanna wathchana na

  4. Unknown Avatar

    👌👌👌💜

  5. Shehara Avatar

    This comment has been removed by the author.

  6. dewmi Avatar

    Superb Manula★

  7. Unknown Avatar

    Well done bro… keep it up

  8. Kishara Buddika Avatar

    සැවේජ් බ්‍රෝ😂

  9. Kishara Buddika Avatar

    සැවේජ් බ්‍රෝ😂

  10. Theja Kumari Avatar

    Oba wenawanam rachakaya
    Mama wennemi obe patakaya mithura
    😌♥️

  11. Manula Prabasha Pethiyagoda Avatar

    වෙන්නෙමි ඔබේ රචකයා
    පාඨකයා වී දිගටම රැදී සිටින්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *