උදේ පාන්දරම අවදි වුනෙමි.ම පාන්දර කියන්නේ උදේ 5 ටය.මට ඇය බැලීමට සිත් විය.ඇගේ සුන්දර බව ,සෙනෙහස,ආදරය,විනෝදකාමී බව මට මැවී පෙනෙන්නට විය.ඉතින් නොගිහින් සිටින්නේ කෙසේද?
දඩිබිඩි ග මුණ සෝදා ගත්තෙමි.පාඨකය, මම ඔබට යමක් සිහිපත් කරමි.ඇය අන් අයට වඩා තරමක් වෙනස්ය.ඇය විසින් ලබාදුන් ඇදුම් ඇද ඇයව හමුවන්නට යයි පවසයි.මම ඇයට ආදරය කරමි.ඇඳුමක් නිසා මගේ ආදරය වෙනස් කරගත නොහැක.ඇඳුම හැඳගත් මම බස් නැවතුමට ගමන් කලෙමි.
බසයකට අත දමා එයට ගොඩවුනෙමි.මා ඇයගේ නමින් කොන්දොස්තර මහතා ඇමතුවෙමි.පාඨකය,මටත් වැඩ හොදින් කොන්දොස්තර ඇයව දනී.එබැවින් එහි අරුමයක් නොමැත.කොන්දොස්තර මහතා මටත් වඩා හොදින් ඇයව දන්නේ කෙසේදැයි මම ඔබට නොකියමි.
“ආ සුදු මහත්තයා ටිකට් එක ” ඉතුරු සල්ලිද සමඟ ඔහු මට ටිකට් පත ලබාදුන්නේ සිනහවෙමිනි.ඒ සිනහවේ අරුත මට නොවැටහේ.මා ඇයව මුණගැසෙන්නට යන වෙලාව ගැන සිතා ඔහු සිනාසුනා වියහැක.
බසයෙන් බැසගත් මම අසල තිබු කඩයක වීදුරුවක් ඉදිරියට ගියෙමි.මෙතෙක් කරමල මෙන් තිබු කොණ්ඩය පැත්තට පීරා ගත්තේය .එහෙන් මෙහෙන් ඇඹරී තිබු කමිසය සාදා ගත්තේය .ඇය මා විනීතව හැසිරෙනු දක්නට කැමතිය.චාම් බවට කැමතිය.පිළිවෙලට කැමතිය.මා අයව වඩාත් ප්රිය කරන්නේ ඒ නිසාවෙනි.
ඇය මාදෙස බලා සිටී.සිනහවෙමින් සිටී.මම ඇයව තුරුළු කරගන්නට දිව ගියෙමි.
තවමත් වෙලාව 7 30 වී නොමැත.ආනන්ද මාතවෙනි,මම ඔබ වෙත ආවෙමි.ඔබගේ තුරුලේ පහස විදීමට පැමිණියෙමි.
ඉතින් පාඨකය,මම පාසල තුලට පිය නැගුවෙමි.
Leave a Reply